යෝගායතනය.

සිරි අරිය අරණ යෝගායතනය යනු අභාවප්‍රාප්ත ව්‍යාපාරික ඊ.පී.පියසේන මහතාගේ (සමන් මහතා) යෝජනාවෙන් අතිපූජනීය මීවනපළානේ සිරි ධම්මාලංකාර මහතෙරුණ් වහන්සේගේ අනුසාසනාවෙන් සහ පූජනීය බෝතලේ සිරි අරිය විමුත්ති ධම්මකථිකයන් වහන්සේගේ මගපෙන්වීමෙන් සහ උන්වහන්සේලාගේ ආශීර්වාදයෙන්, පතිරූප දේසයෙහි වාසය කරන පුබ්බේච කත පුඤ්ඤතා ඇති සිව්වණක් පිරිසටම තම තමන්ගේ චේතෝවිමුත්තියත් පඤ්ඤාවිමුත්තියත් සාක්ශාත් කරගැනීම සඳහා අවශ්‍යවන කල්‍යාණමිත්ත සේවණයත්, සිරි සද්ධම්මස්සවණයත් පරතෝගෝස පච්චයත් පූරණය කරගැනීම සඳහා අවස්ථාව සළස්වාදීමේ පිරිසිදු චේතනාව මුල්කරගෙන කිසිදු ලාභාපේක්ෂාවකින් තොරව ඇතිකරන ලද පඤ්චාංග සමන්නාගත සේනාසනයකි.

සේනාසනයක සමන්නාගත විය යුතු පඤ්චාංගය.

  1. සෙනාසනංනාතිදූරංහොතිනාච‍්චාසන‍්නංගමනාගමනසම‍්පන‍්නං. (පඨමෝ අංගෝ)
  2.  දිවාඅප‍්පකිණ‍්ණංරත‍්තිංඅප‍්පසද‍්දංඅප‍්පනිග‍්ඝොසං. (දුතියෝ අංගෝ)
  3. අප‍්පඩංසමකසවාතාතපසිරිංසපසම‍්ඵස‍්සං. (තතියෝ අංගෝ)
  4. තස‍්මිංඛොපනසෙනාසනෙවිහරන‍්තස‍්සඅප‍්පකසිරෙනෙවඋප‍්පජ‍්ජන‍්තිචීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චය භෙසජ‍්ජපරික‍්ඛාරා. (චතුත්ථෝ අංගෝ)
  5. තස‍්මිංඛොපනසෙනාසනෙථෙරාභික‍්ඛුවිහරන‍්තිබහුස‍්සුතාආගතාගමාධම‍්මධරාවිනයධරාමාතිකාධරා තෙකාලෙනකාලංඋපසඞ‍්කමිත්‍වාපරිපුච‍්ඡතිපරිපඤ‍්හති“ඉදම‍්භන‍්තෙකථංඉමස‍්සකොඅත්‍ථො”තිතස‍්ස
     තෙආයස‍්මන‍්තොඅවිවටඤ‍්චෙවවිවරන‍්තිඅනුත‍්තානීකතඤ‍්චඋත‍්තානීකරොන‍්තිඅනෙකවිහිතෙසුචකඞ‍්ඛාඨානීයෙසු
     ධම‍්මෙසුකඞ‍්ඛංපටිවිනොදෙන‍්ති. එවංඛොභික‍්ඛවෙසෙනාසනංපඤ‍්චඞ‍්ගසමන‍්නාගතංහොති. (පඤ්චමෝ අංගෝ)

සේනාසනයෙහි පඤ්ච අංගය පවත්වාගෙන යාමේ යුතුකම සහ වගකීම පෙරදැරිව කටයුතු කරණ ආරාමික කමිටුවෙහි මෙහෙයවීමෙන් මෙන්ම ස්වේච්ඡා ආමිස දාන දායකයින්ගේ දානමය මැදිහත්වීමෙන් සහ සේනාසනීය හා ආරාධිත සියලූම ධම්මකථිකයණ් වහන්සේලාගේ ධම්ම අනුසාසනාවෙන් මෙම යෝගායතනයෙහි පඤ්චාංගය පවත්වාගෙන යාම තුළින් සේනාසනය සේවනය කරන සිව්වණක් පිරිසටම තම තමන්ගේ චේතෝවිමුත්තියත් පඤ්ඤාවිමුත්තියත් තනිව සාක්ශාත් කරගැනීමට මග විවෘත කිරීම යෝගායතනයෙහි කිරියපටිපාටියයි.